ආදරයේ හයිය බලාගන්න!


මේ නාට්‍යයේ තියෙන්නේ ඔය කොල්ලයි කෙල්ලයි යාළුවෙලා ඉස්සල්ලම රූම් ගිය දවසේ වෙන සිද්ධියක්. (මුල්වරට වේදිකාගතවුනේ 1997) කොල්ල කෙල්ලට මැරෙන්න තරම් ආදරෙයි උෟට කෙල්ලව බඳින්නම ඕනෙලු . ඒ අතර කෙල්ලට කියලා ඒකිගේ පරණ කොල්ලන් එවපු ලියුම් ටික ගේන්න කියලා මූට බලන්න. කෙල්ල හෙන ලියුම් මල්ලක් උස්සන් ඇවිත්, ඉතින් ඒකේ හැටියට කෙල්ල කියනවා ඒකි කලින් කොල්ලන් විසස්කට වඩා එක්ක බුදියගෙන තියනව කියලා . ඒක අහලා යකා නගින දැන් කොල්ලා, ලියුම් මල්ලටත් පයින් ගහලා කෑ ගහනවා මේ විදියට එක එකා එක්ක නිදාගෙන යනකොට ඔයාව කාටද ගැලපෙන්නේ කියලා. හැබැයි කොල්ලත් එහෙම බුදියගෙන ගිහින් තියනවා, සම්ප්‍රදායට අනූව ඒක ප්‍රශ්ණයක් නෑ. කොල්ලා මෙතනදී බේරෙන්නේ 'අපේ සම්ප්‍රධාය' අස්සේ හැංගිලා. කොහොම හරි කෙල්ලගෙයි කොල්ලගෙයි වාදෙ තුල කෙල්ල අහන එකම දේ ඔයාට පුලුවන් දේ මට බැරි අැයි කියන එකයි, කෙල්ල තමන් වරදක් කලා කියන එක පිලිගන් නෑ. කොල්ලට මේකට දෙන්න තාර්කික උත්තරයක් නෑ මිනිහා නැවත නැවත කියන්නේ අපේ සම්ප්‍රදාය ගැනයි.
අවසානයේ කොල්ලට සිද්ද වෙනවා කෙල්ල කියන දේවල ඇත්තක් තියනවා කියලා පිලිගන්න, හැබැයි අවසානයේ ඌ ඒක බොහොම අසරණ විදියට මෙහෙම කියන්නේ: ''ඔයා ඔය කියන දේවල වල ඇත්තක් තියනවා කියලා මට හිතුනත් මට ඔයාව කසාද බඳින්න නම් හිත හදාගන්න බෑ, අනේ ඒකට වැරදිකරයා මම නෙමෙයි විශාකා".
මෙන්න මෙතනයි වැදගත් පෙයින්ට එක . ඔය පච්චා කොටාගෙන, පුක පල්ලෙන් එල්ලුන කලිසම ඇදගෙන, ජිම් ගිහිල්ලා ඇමරිකන් චන්ඩි මොඩල්ස් විදියට තැනකට ඇවිල්ලා වගේ හිටියට, අද පිරිමියාගේ ප්‍රශ්ණය ඇත්ත තේරෙන් නැති එකට වඩා ඒ ඇත්තට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් නැතිකම. තේරෙන ඇත්ත ඉදිරියේ සමාජයට මුහුණ දෙන්න මේ කොන්ද නැතිකම ආදරයට විතරක් නෙමේ දේශපාලනයේ ඉඳන් ලිංගිකත්වය දක්වා සියලුම සඟවා ඇති යතාර්තයන්ට ආදාලයි. ඒ වගේ එවුන්ට හැංගෙන්න හොඳම තැන සම්ප්‍රදායයි, පැවතගෙන ආ විදියයි. අනිත් උන් යන විදියයි.
ඒ නිසා ඔය කොල්ල එක්ක උගේ අංගජාතය හයිය ද බලන්න යන නංගිලා උෟට අඩුම ගානේ ආදරය කරගන්න ඒ ගානටවත් කෙලින් වෙන කොන්දකුත් තියනවද කියලා ඒ එක්කම පොඩ්ඩක් චෙක් කරලා බලන්න.

ධනංජය කරුණාරත්න

Picture - Chaminda Upesena