විශ්වාස භංගයේ දී අගමැතිවරයාට එරෙහිව ඡන්දය පාවිච්චි කරන්නැයි ශ්‍රීලනිපය එජනිසය පක්ෂයක් ලෙස ගත් තීන්දුවක් ගත්තේ යයි මාධ්‍ය ප්‍රකාශක ලෙස තමන් ප්‍රකාශ කරන්නේ යයි තිලංග සුමතිපාල අද පැවැති විවාදයේ දී ප්‍රකාශ කෙළේය.
එහිදී ප්‍රශ්නයක් නැගූ මංගල සමරවීර මහතා විමසා සිටියේ ඒ තීන්දුව ගනිද්දී පක්ෂයේ මහ ලේකම් සිටියාද? කියා ය. ඊට පිලිතුරු දුන් තිලංග යලි කියා සිටියේ ලේකම් නොව පක්ෂයේ සභාපති සහිතව එම තීන්දුව ගත් බවයි.
යලිත් මංගල සමරවීර විමසා සිටියේ පක්ෂයේ සභාපති වන්නේ ජනාධිපතිවරයා නොවේ ද.? කියා ය.
තිලංග පිළිතුරු ලෙස යලිත් කීවේ සභාපති සහිතව පක්ෂයක් ලෙස ගත් තීන්දුවක් බවය.
තිලංග සුමතිපාල ජනාධිපතිව පාවාදුන්නේ යයි පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.