නාසිවාදය විසින් මිනිස් ජිවිත වනසමින් මහා ජන සංහාරයක් කරමින් ලෝකයම සිය අණසකට යටත් කර ගැනීමට බිහිසුණු යුද්දයක යෙදුනු දෙවන ලෝක යුද්දය තුළ ඊට එරෙහිව මනුෂ්‍යත්වය වෙනුවෙන් අභිතව සටන් කළ විරුවන් අතර හමුවන තවත් එක් වීරවරියකි ඇය.
මෙහි සිටින්නේ යුගෝස්ලෝවියානු ජාතික තරුණියක් වූ Lepa Radić (1925-1943) ය. ෆැසිස්ට් විරෝධියකු වූ ඇයව වයස අවුරුදු 17 දී එල්ලා මරනු ලබන්නේ දෙවන ලෝක යුද්දයේදී නාසි හමුදාවන්ට වෙඩි තැබීමේ චෝදනාව යටතේයි. ගෙල වටා තොන්ඩුව සිර කරමින් ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ සහෝදර කණ්ඩායම් සහ නායකයන් ගැන තොරතුරු හෙළි කරන ලෙස ඇයට යෝජනාවක් ඉදිරිපත් කළද, එවිට ඇගේ ප්‍රතිචාරය වුයේ ' මගේ සොයුරන් ඔවුන් කවුදැයි අනාවරණය කරවී, ඔවුන් මගේ මරණයට ඔබට දඬුවම් කරන විට.'
යුගොස්ලෝවියාවේ ජනතා සම්මානයට පත්‍ර වූ ලා බාලම තැනැත්තිය වූ අතර ඇගේ මරණයෙන් පසු 1951 දෙසැම්බර් 20 දා නාසිවාදයට එරෙහිව කළ අභීත මෙහෙය වෙනුවෙන් එම සම්මානය පිරිනමන ලදී.