වීරවංශගේ දුව, A9ය සහ දේශපාලනය ...!

 


ලංකාවේ තිබෙන්නේ ආසියාතික ගොබ්බ සමාජයකි..! ඒවාට අවශ්‍ය කරන උදාහරණ දවසින් දවස එකින් එක එලියට පහලියට එන්නේ ලැජ්ජාවද එක් කරමිනි.. ශිෂ්‍යාවකගේ A9 ප්‍රථිපලය අපට කිසි ගැටළුවක් නැත.. එය ඉතා හොඳය.. සතුටකි..!
ගමේ සෝමපාලගේ කෙලී සිරියලතා, ඩේස්කුවක් පුටුවක් බැංකුවක් හරි හමං ගුරුවරයෙක් නැතිව, අඳින්නට ඇඳුමක්, කන්නට යමක් නැතිව අගහිඟ කමින් මිරිකෙද්දී යන්තං විභාගය ගොඩදමා ගෙන ගෙදර විත් සෝමපාලට තම වරුණ කියද්දී ඈ විඳි දුක් කන්දරාව අපේ හද පපුව කම්පා කරයි.. සෝමපාල කුලී වැඩ කර ගෙදර කන්න උයන්න ගෙනාවේ අපහසුවෙනි.. ලයිට් බිල ගෙව්වේ අපහසුවෙනි.. ඒ නිසා සිරියලතා ඔහුගේ කොටස් කාරියකි.. ඇය අසමත් උණාද අපට ඒ කම්පාවෙන් ගැලවිය නොහැකිය.. එහෙව් තත්වයක් යටතේ නගරයේ ගුරුවරු මගපෙන්වීම සහිත හොඳම පාසල් වලට ගොස් ටියුෂන් කප්පරක් ගොස් A9 ගත් වීරවංශගේ දුවණිය ගැන මේ සමාජය මහා ඉහළින් කථා කරන්නේ ඒ ආසියාතික විලිලැජ්ජාව එලියට පහලියට දමමිනි.. 
ඇත්තටම දැන් කථාව යන්නේ වීරවංශගේ දුව A9 ගත් බවක් නොව වීරවංශ A9 ගත් බවය.. 
වලව්වේ හාමුගේ පුතා දොස්තර විභාගය පාස් උණහම ගමේ ලිඳ ළඟ ගෑනු කථා උණේ වලව්වේ හාමුගේ වරුණ ගැනය.. ඒ තරමටම වලව්වේ හාමු දව්‍යන්වාන්සේ කෙනෙකි.. උන්දැ අතින් කීවරක් අතවර උනාද යන්න මේ ගෑනුන්ට ඒ කයිවාරු අස්සේ අමතක වෙයි.. මේ සිදුවන්නේද ඒ පන්නයේම එවැනිම නවීන මට්ටමේ වැඩකි.. 
ආසියාතික සමාජයේ මිනිසුන්ගේ වහල් කම, වහල් මානසික මට්ටම කාපට් යෙදූ මං මාවත් නිසා අහෝසි නොවේ.. හයිවේ නිසා අහෝසි නොවේ .. ඒ වහල් මානසික මට්ටම අහෝසි කිරීම වෙනමම වැඩකි..

උපුටා ගැනීමකි