සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධයෙන් නව නීති

 

ෆේස්බුක් ඇතුලූ සමාජ ජාලා වෙබ් අඩවි සම්බන්ධයෙන් නව නීති සකස් කරන බව විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කොළඹදී  පැවසීය.

එම සමාජ ජාලාවෙබ් අඩවි නියාමනය කිරීම සඳහා වෙනම ආයතනයක් පිහිටුවන බවද ඔහු  කියා සිටියේය.

කොල්ලූපිටියේ පිහිටි විදුළි සංදේශන ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාතයවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙසේද කීය.

 ‘‘ජාතික ආරක්ෂාවට විශාල හානියක් බවට පත්වෙන තැනට අද මෙම ප්‍රශ්ණය මතුව තිබෙනවා. ෆේස්බුක් මගින් මෙම ප්‍රශ්නය ලැව් ගින්නක් සේ පැතිර ගියා. මෙම තත්ත්වය නතර කරන්නවත් වාරණයක් පනවන්නවත් හැකියාවක් නැහැ. 
 
ජාතික ආරක්ෂාවට හෝ  ජාතිවාදය අවුස්සන ප්‍රශ්ණ වලට   ඉඩ ලබාදිය නොහැකියි. මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න ෆේස් බුක් ආයතනය නිර්දේශය දෙනකං අපි බලන් හිටියා. 

 ජාතිවාදය  ඇතුලූ  කරුණු  සම්බන්ධයෙන්  වෙනස්කම්  කරන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලීම් කරලා තිබුනට එම ආයතනය ඒ සම්බන්ධයෙන් පියවර ගන්න ප්‍රමාද වුණා. 
 
ඒ අය කියන්නේ සිංහල කියවන්න පුලූවන් අය ඒ අයට අඩුය කියලා.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් ආයතනයේ  තීන්දුව අපිට ලිඛිතව ලබා දිලා තියෙනවා. 
ඔවුන් අගමැතිතුමා, ජනාධිපති ලේකම් තුමා ඇතුලූ පිරිස් සමඟ සාකච්චා කිරිමට නියමිතයි.
 


ජාතිවාදය සහ ජාතික ආරක්ෂාවට හානි වෙන  බවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෝ සර්ට් ආයතනය හෝ දෙන  ඕනෑම වෙබ් අඩවියක් අයින් කරනවා කියන කොන්දේසියට ඔවුන්   යටත් විය යුතුයි.
 
හෙට දිනය වනවිට මේ ගැන අවසන් තින්දුවක් ගැනිමට නියමිතයි. ඒ අනුව ෆේස්බුක්, වයිබර්, වට්ස්අප්  සම්බන්ධයෙන් රජය පනවා ඇති තහනම අපි සම්පූර්නයෙන්ම ඉවත් කරනවා. 
 
විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව මගේ යටතේ නැහැ. ඒත් මම තමයි මේකෙන් වැඩිපුරම බැනුම් අහන්නේ. ඩිජිටල් කාරායා තමයි මේක කැපුවේ කියලත් මට බනිනවා. අපි විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව කියන විදියට තමයි කටයුතු කරන්නනේ.