සිකුරාදා දේව මෙහෙයන්හිදී සාමකාමී වන්න !

අද (09) ඉස්ලාම් දේවස්ථානවල සිදුකෙරෙන දේව මෙහෙයන්හිදීත් ඉන් පසුවත් සාමකාමීව කටයුතු කරන ලෙස සමස්ත ලංකා ජෛමතුල් උලෙමා සංවිධානය සියළු මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.

දේවස්ථාන භාරකාර මණ්ඩලවල අනුමැතිය සහිතව අද (09) සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන වෙලාවන් අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි බව දන්වන එම සංවිධානය ආරක්ෂක අංශ සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන ලෙසද මුස්ලිම් ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

පසුගිය කාලයේ දී බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ ජෛමතුල් උලෙමා යනු ඉස්ලාමීය ධර්මධරයන්ගෙන් සැදුම් ලත් මුල්පෙලේ ආගමික සංවිධානයකි.

9.6% වන ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව සඳහා ආගමික සහ ප්‍රජා නායකත්වය සපයන මෙම සංවිධානය පිහිටුවන ලද්දේ 1924 වර්ෂයේ දීය. මෙය 2000 අංක 51 දරණ පනත යටතේ ‍ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ සංස්ථාපනය කරන ලද නීත්‍යානුකූල සංවිධානයකි.

 එස්.ටී.පී.සිල්වා