'ෆේස්බුක් තහනම මොඩ වැඩක්'

සමාජ ජාල භාවිතය තහනම් කිරීම නිසා දුරකථන සමාගම්වල කටයුතු අඩපණ වී තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07දා) රාත්‍රියේ පැවසීය.
එක්තරා සමාගමක ප්‍රධානියෙකු තමන්ට කතා කර මේ බව දන්වා සිටි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ෆේස්බුක් සමාජ ජාල තහනම් කිරීම ආණ්ඩුව සිදුකළ අණුවණ ක්‍රියාවක් බවද හෙතෙම පැවසීය.
කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.