''සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය'' එළිදැක්වීම අද

''සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය'' එළිදැක්වීම සහ ජතික සමඟිය හා සංහිදියා කාර්යාංශය මඟින් නිෂ්පාදනය කරන ලද''තුන්දෙනෙක්'' චිත්‍රපටයේ මංගල දර්ශනය පෙබරවාරි මස 27 දින ප.ව. 5.30ට කොළඹ රීගල් සිනමා ශාලවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන්.

සංහිඳියාව හා සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කොට ඇත්තේ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනයක කුමාරතුංග සභාපතීත්වය දරණ ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මඟින්ය.

''තුන්දෙනෙක්'' චිත්‍රපටය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම යන ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ය.