නීතිය සහ සාමය රාජීතටද?

නීතිය සහ සාමය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවක් නැති බවට අමාත්‍ය සාගල රත්නායක පවසයි.

මේ පිළිබද වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඕනෑම තනතුරක් පරිත්‍යාග කිරීමට මා පසුබට නොවන අතර පක්ෂයේ යහපත වෙනුවෙන් කළ හැකි උපරිමය කිරීමට සූදානම් බවය.
මෙය මේ මොහොතේ පක්ෂය ශක්තිමත් කිරීම සඳහා මා විසින් ගනු ලබන පුද්ගලික තීරණයක් වන අතර පක්ෂයට මගේ ඇති පක්ෂපාතිත්වය එලෙසම ශක්තිමත්ව පවතින බවත්, පක්ෂ නායකත්වය විසින් ලබා දෙන ජනතාවට සේවය කළ හැකි වෙනත් ඕනෑම වගකීමක් නොපිරිහෙලා ඉටු කිරීමට සුදානම් බවද ඔහු සඳහන් කර ඇත.

ඉදිරියේදී පැවැත්වෙන අමාත්‍ය සංශෝධනයේදී නීතිය හා සාමය අමාත්‍යංශය රාජිත සේනාරත්න මහතා යටතට පත් කිරීමට ජනාධිපතිවරයාට නිර්දේශ කරන්නැයි එජාප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර තිබු බවට මීට පෙර වාර්තා විය.

sagala