කවුදැයි කවුදැයි ඡන්දෙට එන්නේ ගෝඨා අවොත් මොකද කරන්නේ?

තමන් ඇමෙරිකානු පුරවැසියෙක් බවත් තමන්ට ශ්‍රී ලංකාවේ අගමැති තනතුරට පත්විය නොහැකි බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ඇමෙරිකාවේ සිට ඊයේ (12දා) ඔහු ශ්‍රී ලංකාවට පැමිණියේය. ඉන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය. 

“මේ රටේ ජනතාව  ආණ්ඩුවට  පළාත්  පාලන  මැතිවරණයෙන් හොඳ පිළිතුරක් දීලා තියෙනවා. මම ඇමෙරිකානු   පුරවැසියෙක් අගමැතිකම ගන්න හැකියාවක් නැහැ. දේශපාලනයට එන්න  තාම අදහසක් නැහැ. ඒ වගේම මේ වගේ ආණ්ඩුවක අගමැති කමක් ගන්න  කිසිදු උවමනාවක් නෑ. යන්න ද ඔහු එහිදී පැවසීය. 

ඒ කෙසේ නමුත් මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි.

මේ වන විටත් ඔහු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කර ඇති අතර පසුගිය දිනයන් හි  ඇමරිකාවට ගොස් සිටීයේ ඊට අදාළ
 අමරිකාවේදි සිදුකළ යුතු නීතිමය කටයුතු සඳහා බවද වැඩිදුරටත් එම ආරාංචි මාර්ග සඳහන් කර සිටියේය.