'මහින්දගේ ජනපතිකම සිහිනයක්' මංගලගෙන් පණිවුඩයක්

පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැපී පෙනෙන දක්ෂතාවක් දැක්වුවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  නැවතත් ජනපතිවීමේ සිහිනය තවදුරටත් සිහිනයක් ලෙසම පවතිනු ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  සඳහන් කරයි.
සිය ට්විටර් ගිණුමට අද (12දා) කළ ප්‍රකාශයක දැක්වෙන්නේ 2015 දී 2018දී ජන්ද ප්‍රතිශතය සලකා බැලූ විට මහින්ද විරෝධී ඡන්ද සංඛ්‍යාව 51.28% සිට 55.35%ක් දක්වා වර්ධනය වී ඇති බවයි. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය යහපාලන ආණ්ඩුවට අනතුරු ඇඟවිමක් බවත් ඔහු ප්‍රකාශ කරයි.

 Capture143