ඇමැති චාමර කට්ටිපනියි

බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයයේ විදුහල්පතිනිය දණ ගැස්වීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයට ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක සහභාගී වීම අවිනිශ්චිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසා ඇත්තේ ඔහු නොපැමිණෙන බවට කළ දැනුම් දීම ප්‍රතික්ෂේප කළ ඔහු අනිවාර්යෙන් කැඳවීමේ ලිපිය යොමු කර ඇති බවයි.  

අද දින (01)  මානව හිමිකම් කොමිෂන් සභාවේ කොළඹ ප්‍රධාන කාර්යාලයට පැමිණෙන ලෙස ඔහුගේ නමට සිතාසි යොමු කර ඇති බැවින් මහ ඇමැතිවරයා අනිවාර්යෙන්ම පැමිණිය යුතු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙන් පැවසීය.