ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මැතිවරණ වේදිකාවේ විරසකයක් පෙන්නුම් කළද පෙබරවාරි 10 වෙනිදායින් පසුව ජනාධිපතිවරයා හා අගමැතිවරයා සුපුරුදු ආදරවන්තයින් ලෙස කටයුතු කරන බව උසස් අධ්‍යපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර මතවාදී ගැටුම් පවතින්නේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තෙක් පමණක් බවද ඒ ඔහු කියා සිටියේය.
එමෙන්ම මැතිවරණ කාලයේදී මෙවැනි දෑ බලාපොරොත්තු විය යුතු බවත් එකිනෙකාට බැන ගැනීම මැතිවරණ කාලයේ සාමාන්‍ය දේවල් බවත් කියා සිටින අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ වත්මන් ආණ්ඩුව 2020 තෙක් පවතින බවය.