කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් වැඩි වගකීමකින් කටයුතු කල යුතු යයි සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.
වසර හතලිහක් පාර්ලිමේන්තුව නියෝජනය කල පාර්ලිමේන්තුවේ සම්ප‍්‍රදායන් ඉතා හොදින් දන්නා අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී හැසිරුනු ආකාරයය අනුමත කල නොහැකි බවද ඒ මහතා පැවසීය.
අගමැතිවරයා කලින් විපක්‍ෂයේ සිටියදී ඉතා හොදින් හැසිරිනු බවත් කී ඔහු මෙවන් දේ සිදු වීම වලක්වා නොගතහොත් ශිෂ්ඨ සම්පන්න රටක් ගොඩනැගිය නොහිකි බවද සදහන් කලේය.
සෝභිත හිමියන් සමග තුන් අවුරුද්දක් පස්සෙන් ගිහින් අවසානයේ ඇති කර ගත්තේ තම දරුවන්ට භාර්යාවනට පීඩකයක් පමණක් බවත් ඔහු එහිදී කියා සිටියේය.
‘අන්තිමේ ඇති කෙං ගෙඩියකුත් නෑ.. වෙච්චි දේකුත් නෑ’