සිරිසේන කාන්තාවන්ගේ නිදහස අහිමිකරයි

මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියයි.

ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මත්පැන් මිල දී ගැනීම සහ මත්පැන් වෙළෙඳසැල්හි රැකියා කිරීම සම්බන්ධයෙන් වසර හැටක පමණ කාලයක් කාන්තාවන්ට බල පැවැත්වුන තහංචි ඉවත් කරන බව නිවේදනය කර තිබුණේ මුදල් ඇමති මංගල සමරවීර විසිනි.

රජය අදාළ පැරණි නීතිය වෙනස් කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණේ "1955 වසරේ පටන් බල පැවැත්වුන අදාළ නීතිය කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් එය සංශෝධනය කිරීමට තීන්දු කළ" බව පවසමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ සමාජාල ක්‍රියාකාරීන් පවසා ඇත්තේ රටේ බලයත් ගමේ බලයත් නිදහසට සොයමින් යන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කාන්තාවන්ගේ නිදහසක් අහිමිකර ඇති බවයි.