හම්බන්තොට වරාය ගිවිසුමෙන් ලැබුණු මුදල් මහ බැංකුවට

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කරගෙන ඇති ගිවිසුම අනුව ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 292.1 ක මුදල ආණ්‌ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන ඇමරිකානු ඩොලර් ගිණුම වෙත ලැබී ඇතැයි මහ බැංකුව පවසයි.


ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ඩ් පෝර්ට්‌ හෝල්ඩිංග්ස්‌ සමාගම අතර හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් මේ ගිවිසුම ඇතිකර ගෙන තිබේ.
අදාළ ගිවිසුමට අනුව එම සමාගමෙන් රජයට ලැබිය යුතු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.12 ක්‌ වේ. රජය පවසන පරිදි මෙම වරාය ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක වියදමින් ඉදිකරන ලද්දකි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත