'මට ඕනෑම කෙනෙක් කපන්න පුළුවන්'

තමා කඩුවට කවුරු කැපෙයිද දන්නේ නැති බවත් පවිත්‍ර දේශපාලනයක් වෙනුවෙන් ඕනෑම කෙනෙක් කැපිය හැකි බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.


ඊයේ (28දා) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමින් ජනපතිවරයා මේ බව සඳහන් කළේය.

“භගවත් ගීතාවේ සඳහන් ආකාරයට මාගේ කඩුවට කැපෙන්නේ මගේ ඥාතීන්ද, මගේ මිත්‍රයින්ද, මගේ හිතවතුන්ද, කවුරුන්ද දන්නේ නෑ. එහෙත් ඒ ඕනෑම කෙනෙක් කැපේ යැයි කයා  භගවත් ගීතාවේ සඳහන් වෙනවා.

මට කියන්නට තියෙන්නෙත් මොන පක්ෂයෙද, මොන වර්ණයෙද, කාගේද, මගේ ඥාතීන්ද, කවුද කියන ප්‍රශ්නය නෑ. පිරිසිදු පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් සඳහා මගේ කඩුවට කවුරු කැපෙයිද දන්නේ නෑ. මට ඕනෑම කෙනෙක් කපන්න පුළුවන්. ඒ ජාතියේ අනාතය සඳහා රටේ අනගතය සඳහා.”