රටේ මූල්‍ය අර්බුදය උග්‍රයි පාර්ලිමේන්තුව වහා කැඳවන්න

රටේ මූල්‍ය අර්බුදය උග‍්‍ර  ග්‍රව පවතින බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි කථානායකවරයාගෙන් ඉල්ලා සිටි බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ්  ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව කථානායකවරයා වෙත අද (27) ලිපියක් යැවූ බවද ගුණවර්ධන මහතා කීය.

ව්‍යවස්ථාවට අනුව රටේ මුදල් සම්බන්ධව බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් කැබිනට් මණ්ඩලය රැස් කිරීමෙන් ඒ පිළිබඳ සාකච්ඡා කළ හැකි නොවන බවත් වහා පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවත්  ගුණවර්ධන මහතා  සඳහන් කළේය. 

මන්ත්‍රි වරයා මේ අදහස්  පළ කළේ බොරැල්ල එන්.එම්.පෙරේරා මධ්‍යස්ථානයේ ඊයේ  පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුව අමතමිනි. එහිදී තව දුරටත් අදහස් දැක්වූ ගුණවර්ධන මහතා මෙසේ ද කීය.

 ‘‘රට බරපතල මූල්‍ය අර්බුදයකට මුහුණ දීලා. සමහර මූල්‍ය සමාගම් වහන්න ඔන්න මෙන්න. මහ බැංකුව සතිපතා නිකුත් කරන මුල්‍ය වාර්තාව බැලූවම මේ තත්ත්වය ඉතා ම හොඳින් වටහා ගත හැකියි. ’’ යැයි ද හෙතෙම සඳහන් කළේය.