දූෂිත අපේක්ෂකයන්ගේ දූෂණ වංචා හෙළිකරන්න සංවිධානාත්මක ජාලයක්

දූෂිත අපේක්ෂකයන් නාමයෝජනා ලැයිස්තුවට ඇතුළත් කළහොත් ඔවුන්ගේ දූෂණ වංචා ජනතාවට හෙළි කිරීමට සංවිධානාත්මක ජාලයක් සකස් කළ බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසා සිටියේය.


පළාත් පාලන ආයතන මැතිවරණයේදී යහපත් පුරවැසියෙකු කොට්ඨාශයට ඉදිරිපත් නොකළහොත් දූෂිතයන්, වංචාකරුවන් දේශපාලනයට පැමිණීම වළක්වා ගත නොහැකි බවද හෙතෙමසඳහන් කළේය.

එයට හේතු වී තිබෙන්නේ නව ක්‍රමය යටතේ අදාළ කොට්ඨාසයට පක්ෂය වෙනුවෙන් ඡන්දය ලබාදුන් පසු ඉදිරිපත් කරන අපේක්ෂකයා සභිකයෙකු බවට පත්වීම නිසා බවද ඔහු කියා සිටියේය.

මේ නිසා දූෂිතයන්, වංචනිකයන් අපේක්ෂකත්වයට පත්වීම වළක්වාගැනීමට හා අපේක්ෂකයෙකු වුවත් ඔහු සභිකයෙකු බවට පත්වීම වළක්වා ගැනීම සඳහා මාර්තු 12 ව්‍යාපාරය ලෙස වංචා දූෂණ හෙළි කිරීම සිදුකරන බවද රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.