ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම (10) සවස ජනපති මෛත්‍රිපාල සිරිසේන හමුවී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කළ බව දේශපාලන ආරංචි පවසයි.
(10) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනපති හමූ වූ විජේවික්‍රම ජනපති ගෙන යන වැඩපිළිවෙළ සමග එක්වෙමින් ඉදිරි දේශපාලන කටයුතුවල නිරතවන බව ප්‍රකාශ කළාය.
ඇය ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණේ සාමාජිකාවකි.
ජනාධිපතිවරයාට සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ශ්‍රියානි විජේවික්‍රම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මහජන එක්සත් පෙරමුණ පවසනවා.
ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඇය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.