කොළඹ හා තදාසන්න දුම්රියමාර්ග ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් සඳහා වන ශක්‍යතා අධ්‍යන හා උපදේශන කොන්ත්‍රාත්තුව කොරියානු සමාගමක් වන Dohwa Engineering Company Limited වෙත පිරිනැමීමට විශය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.
ඒ සඳහා පවුම් 256,030 ක්, ඇමරිකානු ඩොලර් 6,481,575 හා ශ්‍රී ලංකා මුදලින් රුපියල් 379,213,616 ක් අදාළ සමාගමට පිරිනැමීමට තීරණය වී ඇති බව පැවසේ.
අදාළ ව්‍යාපෘති උපදේශන සේවය සඳහා පමණක් අදාළ මුදල් ඒකක සියල්ලේ එකතුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් අසූ අට කෝටි අනූ දෙලක්ෂ හැත්තෑහතර දහස් නවසිය විසිහයක් (188,92,74,926) එම සමාගමට ගෙවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා මිරර්-