දේවදාර තුරැ වදුල යට ඔක් ලීයෙන් සැදු මේසයක් මත වහල් හිමියෝද , වහල්ලුද සහෝදරත්වයෙන් යුතුව සවුදිය පුරනු දැක්ම මගේ බෙහෝ සිහින අතරේ රැදි එක් සිහිනයකි. -මාටිං ලුතර් කිං-
ධනවාදය පැමිණ එතෙක් පැවති වැඩවසමි රදල අධිපතිවාදී සමාඡ පංතිය කුනු බක්කි වෙත තල්ලු කර දැමුවේය. එහි ඉතිරිව තිබු අරටුව සහිත නශ්ඨාවශේෂ පවා දැන් මේ ක්‍රමයට අනුගත යුතුව ඇත. පැවත්ම ඇත්තේ එතැනය.
යටගිය දවස හිරැ නොබසින අධිරාඡ්‍යයේ සිටි වංශවත්වුත් කුලීන හා අභිමානයෙන් පිරි රාඡකීයෝ කිසිදා තම අනාගත පරම්පරාව වහලුන්ගෙන් පැවතියවුන්ගෙන් දු පුතුන් ලැබතියැයි සිහිනෙන් හෝ අපේක්ෂා නොකරන්නට ඇත. නමුදු තත්වයන් හා ක්‍රමය එය තැකීමක් නොකරන අතර අභිමානවත් රාඡකීයන්ටද ක්‍රමයට අනුගතවනු විනා පැවත්මක් නොමැත. එංගලන්තයේ ඔටුන්න හිමි හැරී කුමාරයා ගේ කතාව එයට මනා නිදර්ශනයකි.
ඔටුන්න හිමි කුමරැගේ පෙමිවතිය රේචල් මෙගන් මර්කල් ගේ මුතුන් මිත්තෝ ඇමෙරිකා එක්සත් ඡනපදයට වහලුන් ලෙස දමිවැල් වලින් බැදගෙන ආ උන්ය.
ඇගේ පියා යුරෝපීය සුදු ඡාතිකයෙකු වු අතර මව අප්‍රිකානු ඇමෙරිකානු සම්භවයක් ඇති ඩොරියා මනෝ රෝග පිලිබද උපදේශකවරියකි.
රඡවරැන්ට ගැලපෙන වංශවත් පවුල් පසුබිමක් හෝ උත්කෘෂ්ඨ පවුල් ඡිවිතයක් හෝ මර්කල්ගේ මවට නැත. ඇය පළමු විවාහයෙන් දික්කසාද කරනු ලැබුවේ මෙගාන්ගේ වයස අවුරැදු හයේදීය. රේචල් රේගන් ටෙලි නාට්‍ය නිලියකි. රාඡකීය පවුල් වලින් සිටු පවුල්වලින්හෝ වංශවතුන්ගේ දියණියන් හැර නිළියන් රඡ පවුල්වලට එකතු කරගැනීම සිරිත නොවේ.
හැරීට වයස 33 කි මේකල්ට වයස 36 කි. මේ සියලු කරැණු අපට පෙන්වා දෙන්නේ සමාඡක්රම විකාශනයේ සරල සත්‍යයකි. එනම් පැවති ක්‍රමය පෙරලා දමා පිහිටවනු ලබන ඔනෑම සමාඡ ක්‍රමයක් පැවති සමාඡක්රමයේ දුර්ගුණයන් අතෑර දමමින් හා ඉවතට තල්ලු කරමින් එකී සමාඡ ක්රමයේ යහපත් ගුනාංග රැක ගනිමින් හා අාරක්ෂා කරමින් ඉදිරියට යන බව බවයි මේ අනුව රේචන් මෙගන් මර්කල් හා හැරී කුමරැ 2018 මැයි මාසයේ යම් දිනයක වින්ඩිසර් මාළිගයේ ශාන්ත ඡෝර්ඡ් දේවස්ථානයේ දී මහරැඡිණයගේ අශිර්වාදයෙන් විවාහවනු ඇත