හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු කිරිම වළක්වාලමින් ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අභීයාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කෙරිනි.
අභියාචනාධිකරණ විනිසුරු එල්.ටී.ඩී.දෙහිදෙණිය සහ විනිසුරු ටිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියේ පෙත්සම සළකා බැලිණි.