ගාල්ලේ ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් මේ වනවිට 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව කතා පතුරවන පිරිස් අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කියයි. එම ප්‍රදේශයේ ඇඳිරි නීතිය මේ වනවිට ඉවත් කර ඇති අතර, ප්‍රදේශය සාමකාමී බවද පොලිසිය කියයි.
මෙම සිද්ධියෙන් දැනට 5 දෙනෙකු රෝහල් ගත කර තිබේ.
ඉන් දෙදෙනෙකු ගම්වැසියන් වන අතර තිදෙනෙකු පිටින් පහර දීමට පැමිණි අයවේ.
පැරැණි ඡායාරූප සහ ව්‍යාජ තොරතුරු පෙන්වමින් පිරිසක් සමාජ ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර පතුරුවන බව පොලිස් ආරංචි මාර්ග කියයි. එවැනි පිරිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද රුවන් මහතා පැවසීය. ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා 300 කට වැඩි පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් යොදවා තිබේ.
ගිංතොට ප්‍රදේශයේ දී ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් මෙය ජාතිවාදී ගැටුමක් බවට පත්කර ගැනීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවත් නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසීය.