මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන වසර සඳහා ඉදිරිපත් කළ අය වැය යෝජනාවලිය අනුව පසුගිය සෙනසුරාදා(11දා) සිට අරක්කු මිල වැඩි කිරීමට අදාළ සමාගම් කටයුතු කර තිබුණද බියර් මිල අඩු කර නැති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මද්‍යසාර වල සැර අනුව නිෂ්පාදනයේ මිල තීරණය කරමින් අරක්කු මිල වැඩිකර බියර් මිල අඩු කරන බව එහි සඳහන් කර තිබුණද පාරිභෝගිකයා ගසා කෑමට වෙළෙන්දන්ට ඉඩ දී සුරා බදු අධිකාරිය හා පාරිභෝගික අධිකාරිය බලාසිටින බවද එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ ප්‍රකාශ කළේය.
මේ වනවිට සුපිරි වෙළෙඳසැල්වල අලෙවි කරන මත්පැන් වල මිල වැඩි කර තිබෙන බවත් බියර්පැරණි මිලටම අලෙවි කරන බවක් විතානගේ පවසා සිටියේය.
කිසියම් භාණ්ඩයක මිල වැඩි කල සැණින් භාණ්ඩ මිල වැඩි කිරීමත් භාණ්ඩයක මිල අඩු කළ විට භාණ්ඩ මිල අඩු නොකිරීමත් මෙරට ව්‍යාපාරිකයන් සැමදා සිදුකරන බවත්,තමාගේ මංගල අයවැය අවමංගල අයවැයක් වීමට ඉඩ නොදෙන ලෙස පාරිභෝගිකයන් මුදල් ඇමතිවරයාගේ ඉල්ලා සිටින බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.