බීර මිල අඩුකිරීම ගැන චම්පිකගෙන් බකට් එකක්

විද්‍යුත් බස් රථ සහ බීර මිල සහනය සම්බන්ධයෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක අද අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළා.

2018 වසරේ අයවැයට අදාළව අයවැය දෙවන වර කියවීමේ දෙවන දින විවාදය මේ වන විට පැවැත්වෙමින් තිබෙනවා.

ඊට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යුත් බස් රථ ගෙන්වීම මෙරටට කිසිසේත්ම ප්‍රායෝගික නොවන තත්වයක් බවයි.

එමෙන්ම බීර මිල පහත හෙලීම තුළින් මෙරට තුළ මත්පැන් භාවිතයේ අඩුකිරීමක් හෝ වෙනයම් පිළියමක් සඳහා එය අඩු කිරීම ප්‍රායෝගික නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

මීට අමතරව 2019 වසර වන විට ස්ථීර වශයෙන්ම ශ්‍රී ලංකාව විදුලි අර්බුදයකට පත්වීමේ ඉඩකඩක් පවතින බවයි විවාදයට එක්වෙමින් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා සඳහන් කළේ.