විදුලි මෝටර් රථවලට අඩුකළ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේ නැතිලු

විදුලි කාර් රථ සදහා වන බද්ද ලක්‍ෂ 10කට වඩා වැඩියෙන් ලෙස අඩුකරන බව අයවැවෙන් එය කිසිසේත්ම මෙරට පාරිභෝගිකයන්ට හිමි නොවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වාහන ආයනයන කරුවන්ගේ සංගමය පවසයි.


එම බදු සහනය හිමිවන්නේ අලුත්ම වාහන ගෙන්වන්නේ නම් පමණක් බවත් මවු සමාගම් මෙරටට අලුත්ම වාහන එවන්නේ නැති බවත් ඔවුන් පෙන්වා දුන්හ.
ඒ අනුව විදුලි වාහන මෙරටට ගෙන්වන්නේ පාවිච්චි කල වාහන සදහා පමණක් බවත් අයවැය යෝජනාව අනුව භාවිත කල වාහන සදහා එම සහනය හිමි නොවන බවත් සදහන් කල ඔවුන් ඒ අනුව මෙරට පාරිභෝගිකයන්ට එවන් එමගින් කිසිදු සහනයක් සිදු නොවන බවද සංගමය කියා සිටියහ.