කාන්තා සවිබලගැන්වීමෙහි ඇති වැදගත්කම පිළිබඳ මෙවර අයවැය සඳහා යෝජනාවන් කිහිපයක් ‘අපේක්ෂා‘ කාන්තා සංවිධානය විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගලසමරවීර මහතා වෙත ඉදිරිපත්කොට ඇත.
ඔවුන් පවසන අකාරයට සාම්ප්‍රදායිකව ලංකාව තුල ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉතා පහල අගයකයක් ගන්නා බවත්, සවිමත් ආර්ථිකයක් ගොඩනැගීම පූර්ණ ලෙස ආර්ථිකමය දායකත්වයක් ලබාදීම වෙනුවෙන් කාන්තාව සවිබලගැන්වීම දැඩි අවශ්‍යතාවයක් බව ඔවුන් පවසයි.
එසේම ඒ හරහා කාන්තාවගේ, පුරුෂයන්ගේ, පවුල්වල සහ සමස්ත ප්රජාවේමේ ගුණාත්මක ජීවන තත්ත්වය වර්ධනය කිරීම සිදුවන බවද ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සමානාත්මතාව සම්බන්ධයෙන්ද මෙම සාධකය ඉතා තිරණාත්මක බවද ඔවුන් අවධාරණය කර සිටියි.
මංගල අයවැයෙන් කාන්තාව සවිබල ගැන්වීම උදෙසා ප්‍රමාණවත් මෙන්ම ප්රමුඛ ඉඩකඩක් වෙන්කරන ලෙස එය අයවැය කතාවට පමණක් නොව මහපොලොවේ ක්‍රියාත්මක වනු ඇතැයිද එම සංගමය වැඩිදුරටත් අවධාරණකර සිටියි.
‘අපේක්ෂා‘ සංවිධානය මඟින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගලසමරවීර මහතා වෙත යැවු සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.
අයවැයට පෙර මුදල් ඇමැතිගේ අවධානය පිණිසයි:
අද වනවිට ලෝකයේ සංවර්ධනයට අවශ්‍ය මූලික සාධක වේගයෙන් වෙනස්වෙමින් පවතින අතර එම සාධක සම්බන්ධයෙන් ලෝකය තුල බිහිවන විවිධ උපනතීන්හි ශක්‍යතාව ද වර්ධනය වෙමින් පවතියි. එවැනි වටපිටාවක ලෝකය තුල ආර්ථික වර්ධනයට බලපාන තත්කාලීන සාධක පිළීබඳ විවෘත සහ පුළුල් කතිකාවතක් වර්තමානයේදී ගොඩනැගෙමින් පවතී.
අතීතයට සාපේක්ෂව රටක ආර්ථිකයට කාන්තාවගේ දායකත්වයෙහි ඇති වැදගත්කම සහ ඒ සඳහා වන නැමියාව පැසසිය යුතු මට්ටකමකින් වර්ධනය වී ඇත. මෑතකාලීනව විකල්ප ක්‍රියාවලියක් ලෙසින් නිර්මාණයවී අද වනවිට ප්රමුඛ මාතෘකාවක් ලෙස මතුව ඇති කාන්තා සවිබලගැන්වීමෙහි ඇති වැදගත්කම පිළීබඳ යෝජනාවලියක් සහ අදහසක් ඔබතුමාගේ මංගල අයවැයට පෙර ඉදිරිපත් කිරීම ඉතාම කාලෝචිතයැයි සිතමි.
තිරසාර සංවර්ධන ඉලක්කයකට :
සවිමත් ආර්ථිකයන් ගොඩනැගීම පූර්ණ ලෙස ආර්ථිකමය දායකත්වයක් ලබාදීම වෙනුවෙන් කාන්තාව සවිබලගැන්වීම අන්තර්ජාතිකව පිළිගත් තිරසාර සංවර්ධන ඉලක්ක වලටද අන්තර්ගත වේ.
එසේම ඒ හරහා කාන්තාවගේ,පුරුෂයන්ගේ,පවුල්වල සහ සමස්ත ප්රජාවේමේ ගුණාත්මක ජීවන තත්ත්වය වර්ධනය කිරීම සිදුවේ. එසේම ස්ත්‍රීපුරුෂ සමාජභාවීය සමානාත්මතාව සම්බන්ධයෙන්ද මෙම සාධකය ඉතා වැදගත්වේ. තිරසාර සංවර්ධන ඉලක්ක අතර තෙවැනි ඉලක්කයෙහි මෙය ඉතා හොඳින් විස්තර කෙරේ.
ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය:
සාම්ප්‍රදායිකව ලංකාව තුල ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය පැවතියේ ඉතා පහල අගයකය. නමුත් 2016 වනවිට ලංකාවේ ක්‍රියාකාරී ශ්‍රම බලකායෙන් 35.9% ක පමණ අනුපාතයක් නියෝජනය කරන්නේ කාන්තාවන් විසින්ය.
ඉන්දියාවේ මෙම අගය 44%ක් වන අතර ජපානයේදී මෙම අනුපාතය 48% බවට පත්වන අතර, තායිලන්තයේ මෙය 63.5 කි. නමුත් රටක දළ ජාතික නිෂ්පාදිතයට කාන්තාවන් ශ්‍රම සහභාගිත්වයේ නියම වටිනාකම වාර්තා නොවීම (ගෘහය මූලික කරගෙන සිදුකරන ලබන ශ්‍රම සැපයීම්ද ඇතුළුව) හේතුවෙන් රටක සංවර්ධනයේ දර්ශකයන් අතර කාන්තා සහභාගිත්වය නියම ලෙස අර්ථ නිරූපණ්‍ය සිදු නොවේ.
එමෙන්ම ගෘහ සේවය සඳහා රටතුලින් පිටව යන කාන්තාවන්ගේ ශ්‍රම සහභාගිත්වය හෝ ආර්ථිකමය දායකත්වය සෘජුවම මෙරටට නොලැබීම හේතුවෙන් එය රටේ සංවර්ධනය කෙරෙහි සෘණ බලපෑමක් එක්කර ඇත. එම කාන්තාවන්ට තම රට තුලදී ආර්ථිකමය ඉපයීමකට අවශ්‍ය වෘත්තීයමය හෝ ව්‍යවසායකත්ව වටපිටාවක් නිර්මාණය කල හැකිනම් බොහෝවිට එම කාන්තාවන් පිරිසගේද දායකත්වය ලංකාවේ ආර්ථිකයට හිමිවනු ඇතැයි මට සිතේ.
සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් :
උක්ත ගැටළු පදනම්කරගෙන ලංකාව තුල කාන්තවන් සවිබලගැන්වීමක අවශ්‍යතාවය ආර්ථික විද්‍යා දෘශ්ටි කෝණයෙන් මෙන්ම සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන්ද ඉතා කාලෝචිතය. විශේෂයෙන්ම වර්තමානයේ ලංකාව මැදි ආදායම් ලබන රටක් ලෙස සමස්ත ආර්ථික වර්ධනයක් අරමුණුකරගෙන කටයුතු කිරීමේදී කාන්තාව ආර්ථික හා සමාජයීය වශයෙන් සවිබලගැන්වීම සෘජු ආර්ථික වර්ධනයකට හේතු වනබව බොහොමයක් වාර්තා මගින් නිර්දේශ කර ඇත.
කාන්තාවගේ ආර්ථික ශක්‍යතාව වර්ධනය උදෙසා වසායකත්වය, වෘත්තීය,තාක්ෂණික අධ්‍යාපනය වැනි අංශ තුලින් ඔවුන්ගේ දැනුම ඉහළ නැංවීම හරහා රටේ ශ්‍රම බලකායට සහ නිෂ්පාදිතයට කාන්තා දායකත්වය වැඩිකිරීමට ඉවහල්වේ.
සීඩෝ සම්මුතිය :
එසේම කාන්තාව සමාජයීය වශයෙන් පවුල තුල ඔවුන්ගේ තීරණ ගැනීමේ අයිතිය, සමාජ ආරක්ෂණය, සියළු ආකාරයේම වෙනස්කොට සැලකීම්වලින් ආරක්ෂා කිරීම (සීඩෝ සම්මුතිය අනුව) හරහා සමාජය තුල කාන්තා සහභාගිත්වය වර්ධනය වීම සිදුවේ.
එපමණක් නොව සෞඛ්‍ය සහ ලිංගික අධ්‍යාපනය, කාන්තා හිමිකම් සම්බන්ධයෙන් දැනුවත්භාවය යන කාර්යයන් හරහාද කාන්තාවට ස්වකීය වෘත්තීමය වටපිටාවේ සහ ක්ෂේත්රවල ඉදිරිගමන සහතික කරගත හැකිය.
ඒ නිසා ඔවුන්ගෙන් පරිපාලනමය,ආර්ථිකමය කාර්යයන්ට ලැබෙන දායකත්වය වැඩිවේ.
එසේම ආර්ථිකයේ ඉපයීමේ හැකියාවට කාන්තාවගේ දැනුම, ශ්‍රමය සහ නිර්මාණශීලීත්වය එක්වීම හේතුවෙන් එය සමස්ත වර්ධනයකට වැඩි දායකත්වයක් දක්වනු ඇත.
ඉහත ක්‍රියාකාරකම් සියල්ල කෙරෙහි කාන්තා සවිබලගැන්වීම ඉතා වැදගත්වේ.
මහ පොළොවේ යථාර්තයක් බවට :
එබැවින් රටේ සංවර්ධනයේ ප්රමුඛ සාධකයක් ලෙස කාන්තාවගේ දායක්තවය සැලකිය හැකි අතර කාන්තාව සවිබලගැන්වීම තුලින් රටේ සමස්තයක් ලෙස සිදුවන කාන්තාවන්ගේ ආර්ථික හා සමාජයීය දායකත්වය තීරණාත්මක සාධකයක් බවට පත්වනු ඇත.
මෙම කරුණා කාරණ පිළිබඳ සලකා බලා ඔබතුමාගේ මංගල අයවැයෙන් කාන්තාව සවිබල ගැන්වීම උදෙසා ප්‍රමාණවත් මෙන්ම ප්රමුඛ ඉඩකඩක් වෙන්කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
එමෙන්ම එය අයවැය කතාවට පමණක් නොව මහපොලොවේ ක්‍රියාත්මක වනු ඇතැයිද අප බලාපොරොත්තු වෙමු.
‘අපේක්ෂා‘ සංවිධානය
උපුටා ගැනීම - srilankamirror