ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුතම රට කරන්නම් - නාමල්

ශ්‍රී ලංකාව ආසියාවේ දියුණුතම රට බවට

පත්කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දෙමටගොඩ පැවති ජන හමුවකදී ඔහු ඉල්ලා සිටියේ රටේ තරුණ ප්‍රජාවට එම වැඩපිළිවෙළ හා සම්බන්ධ වන ලෙසය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට සංවිධාන කරන ආසන රැස්වීම් මාලාවේ දෙමටගොඩ ආසන රැස්වීම ඊයේ (30) පස්වරුවේ මෙලෙස පැවැත්වුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා,

"ඔබ වෙනුවෙන් දියුණු රටක් හදන්න අපත් සමග අත්වැල් බැඳ ගන්න. අපි ලංකාව ආසියාවේ දියුණුම රට බවට පරිවර්තනය කරන වැඩපිළිවෙළ ආරම්භ කරමු."