අපි පොදු ප්‍රවාහනය ශක්තිමත් කරනවා - අනුර

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ

ආර්ථිකය ස්ථාවර වන තෙක් සහන පැකේජයක් ලබාදෙන බව එහි ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කොට්ටාව නගරයේ පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා, 

"අපේ රටේ පුරවැසියන් විශාල ප්‍රමාණයක් තමන්ගේ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් දරන වියදම වැඩියි. කාර් එකක් ගන්න අය කාර් එකක් ගන්න. බයිසිකලයක් ගන්න අය බයිසිකලයක් ගන්න. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව වැඩිම අවධානය යොමු කරලා පොදු ප්‍රවාහන සේවය ශක්තිමක් කරනවා. අපි පළමු අයවැය ලේඛනයෙන්ම ආහාර සඳහා තිබෙන වැට් බද්ද අයින් කරනවා."