පුද්ගල ඝාතනයක්

පුද්ගල ආරවුලක් මත සිදුකළ පහරදීමකින්

පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (25) රාත්‍රී කාලයේ දී  මරදාන පොලිස් වසමේ දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුකර ඇත.

දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන්  සිදුකළ පහරදීමකින් මෙම ඝානය සිදුව ඇති බව පොලීසිය පවසයි.

අපරාධය සම්බන්ධයෙන් අවුරුදු 19ක් වන තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

(Ada derana)