දිනෙන් දින ඉහළ යන පැමිණිලි 1,000 ට ආසන්නයි

ජනාධිපතිවරණයට අදාළව ලැබෙන පැමිණිලි

සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මැතිවරණයට අදාළව පැමිණිලි දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

පසුගිය ජුලි මස 31වනදා සිට මේ දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ථ පැමිණිලි සංඛ්‍යාව 925ක් බව ද මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.

ඉන් පැමිණිලි 901ක් මැතිවරණ නීතිරීති උල්ලාංඝණය කිරීම් සම්බන්ධයෙන් වන අතර ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් සහ වෙනත් පැමිණිලි 23ක් ද ලැබී ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් මාසයකටත් වඩා අඩු කාලයක් තුළ පැමිණිලි දහසකට ආසන්න සංඛ්‍යාවක් ලැබීම අතිශය බරපතළ තත්ත්වයක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයට අදාළව රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

ජනාධිපතිවරණයට අදාළ ව පැෆරල් සංවිධානයට මේ වන විට පැමිණිලි 250කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව සඳහන් කරන එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඉදිරියේ දී මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවය.

(Ada derana)