අමෙරිකාවේ උත්සාහය අසාර්ථකයි

ගාසා හී පවතින යුද ගැටුම් සම්බන්ධයෙන්

අමෙරිකාව ගෙන ආ සටන් විරාම කොන්දේසි හමාස් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් කටාර් හි දින දෙකක සාකච්ඡා වටයක් පත්වා තිබු අතර එහිදී එදිරිපත් වු යෝජනා හමාස් සංවිධානය මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මාස 10කට අධික කාලයක් පවතින යුද්ධමය තත්ත්වය පාලනය කිරීමේ අමෙරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් මෙම සාකච්ඡා සඳහා එක්ව ඇති බව සඳහන් වේ. 

කෙසේවෙතත් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඉදිරි සති අන්තයේ දී නැවත වරක් සාකච්ඡාවක් සඳහා ඊශ්‍රායලයට යෑමට සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

(Ada derana)