ඔනෙල්ලාට ඇප විදෙස් ගමන් තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේට් සමාගමේ අධ්‍යක්ෂකවරියක වන ඉරේෂා ද සිල්වා මහත්මිය ඇප මත නිදහස් කර තිබෙනවා.


එහිදී ඇයට රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 05ක ශරීර ඇප මත මුදා හැරීමටයි නියෝග කෙරුණු අතර විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.


අධිකරණය මගහැර රටින් පලාගොස් සිටියදී ජාත්‍යන්තර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රීලංකාවට එවනු ලැබූ ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය අද (10) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කෙරුණා.


ඩුබායි සිට ලංකාවට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඇය අද(10) උදෑසන කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගත්තා.


ඔනෙල්ලා ඉරේෂා ද සිල්වා නමැත්තිය ඇතුළු මෙම නඩුවේ විත්තිකරුවන් තුන් දෙනෙකු රටින් පලාගොස් ඇති බවයි අධිකරණයේදී මීට පෙර ප්‍රකාශ කෙරුණේ.