මේජර් ජනරාල් පාලිත ප්රනාන්දුට සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ විසින් අද අධි චෝදනා භාරදුන්නා.
එහිදී එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප 2ක් නියම කරනු ලැබුවා.
ලබන ඔක්තෝම්බර් 20 වන දින නැවත නඩුව කැඳවන අතර නඩු විභාගය ලබන මාර්තු මස 19,20,21,22 යන දිනයන්හී පැවැත්වීමට නියමිතයි.
දක්ෂිණ මුහුදු තිරයේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරිම සදහා ලක්ෂ 355ක අල්ලස් මුදලක් තුටු පඩුරක් වශයෙන් පිරිනැමීම හා භාර ගැනිම සම්බන්ධ චෝදනාව මතයි මෙලෙස ඔවුන්ට අධිචෝදනා භාරදී ඇත්තේ.
මේජර් ජනරාල් පාලිත ප්රනාන්දුට සහ ඇවන්ගාඩ් සභාපතිට අධි චෝදනා