රංජන් New yorkවල සෙල්ෆි ගනිද්දි නීතිඥවරුන්ගේ සංගමය රංජන්ට එරෙහිව ක්‍රියාත්මක වෙයි

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක  සිදුකළ ප්‍රකාශය සම්බන්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය අද (23) ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමය විසින් අගවිනිසුරුවරයා වෙත ලියවිල්ලක් ද භාරදී  ඇති බවයි ශ්‍රී ලංකා නීතිඥවරුන්ගේ සංගමයේ සභාපති යූ.ආර් ද සිල්වා  කියා සිටියේ.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග අමෙරිකාවේ සංචාරයක නිරත වී සිටිනවා.

එහිදී ලබාගත් ඡායාරූ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබුනේ මේ ආකාරයෙන්.