මංගල උත්සවයකදී දිගම ඔසරි පට සහිත සාරිය හැඳ ගිනස් වාර්තාවක් තැබීම සඳහා පාසල් ළමයින් යොදා ගැනීම නීතිවිරෝධී ක්‍රියාවක් බව ගුරු සංගම් චෝදනා කරනවා.
දිගම ඔසරි පොට සහිත සාරිය හැඳ ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් මනාලියක් ඊයේ (21) මහනුවර - ගන්නොරුව ප්‍රදේශයේදී සිය මංගල ගමන අරඹනු ලැබුවා.
ලොරි රථයක පටවාගෙන පැමිණි මෙම ඔසරි පට මාර්ගයේ එක පෙලට සිටවා පාසල් සිසුවියන් 200 කට වැඩි පිරිසක් යොදවා එය දිගහැර තිබුණා.
අලවතුගොඩ කණිෂ්ඨ විද්‍යාලයක ප්‍රාථමික අංශයේ සිසුන් පිරිසකුයි මේ සඳහා යොදාගෙන ඇත්තේ.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය සරත් ඒකනායකද එක්ව සිටියා.
කෙසේ වෙතත්, මෙවැනි ක්‍රියා සඳහා පාසල් ළමයින් යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ගුරු සංගම් චෝදනා කරනවා.
පාසල් සිසුන් දේශපාලන වැඩවලට සහ විවිධ ප්‍රවර්ධන වැඩවලට යොදා ගැනීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වූ බවත්, සිසුන් මෙවැනි වැඩවලට යොදා ගැනීම සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ස්ටාලින් මහතා පවසයි.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවත්සර උත්සවය දා ජනපතිවරයා පිළිගැනීමට ද පාසල් සිසුන් යොදාගෙන තිබූ බව ත ඔහු සඳහන් කළේය.