මැ.කෝ පාර්ලිමේන්තුවට

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා නීතිපතිවරයා මේ වනවිට පාර්ලිමේන්තුවට කැඳවා ඇතැයි කැෆේ සංවිධානය සඳහන් කරයි.


නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පවසන්නේ පළාත් සභා මැතිවරණය කල්දමා ගැනීම සඳහා රජය ගත් සියලු උත්සාහයන් මේ වනවිට ව්‍යර්ථ වී ඇති බවයි.
පක්ෂ නායකයන් පළාත් සභා සංශෝධන පනත සාකච්ඡාවට ගැනීමට විරෝධය පළකිරීම හේතුවෙන් ඡන්ද කල්දැමීම පාර්ලිමේන්තුවේ සුළුතර බහුතරයකින් සම්මත කර ගැනීම ගැටුලවක් බවට පත්ව ඇතැයි ඔවුහු පවසති.


පිටු එකහමාරක් වූ කාන්තා නියෝජනය පිළිබඳ පළාත් සභා පනත් සංශෝධනට රජය අද (20දා) පිටු 31ක සංශෝධනයක් ඉදිරිපත් කළ බවද කැෆේ සංවිධානය සඳහන් කරයි.