හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට සියලු චෝදනාවලට වැරදිකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීන්දු කලා.
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට එරෙහිව නීතිපතිවරයා පැවරූ සිල් රෙදි නඩුව අද විභාගයට ගත අවස්ථාවාවේ මෙසේ ඔවුන් වැරදිකරුවන් කෙරුනා.
කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේයි මෙම නඩුව විභාග වූයේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් වැය කර දිවයින පුරා විහාරස්ථානවල උපාසක උපාසිකාවන්ට සිල් රෙදි බෙදාදීම මගින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.
අනුෂ හා ලලිත් බරපතළ වැඩ සහිතව වසර 3කට හිරේ
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සන්දේස කොමිසම් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන්ට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවමක් කොළඹ මහාධිකරණය විසින් පනවා තිබේ.
ඒ අනුව එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද දෙකක් සඳහා වසර 3ක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 30 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් ඒ අනුව නියම කර ඇත.
ඒ අනුව අනුෂ පැල්පිට මහතා පළමු හා දෙවන වරද සඳහාත් ලලිත් වීරතුංග මහතාට දෙවන හා තෙවන වරද යටතේත් මෙම සිර දඩුවම නියම කර තිබේ.
එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් ලක්ෂ 100 ක් වන්දි ලෙස ගෙවන ලෙස වරදකරුවන්ට මහාධිකරණ විසින් නියෝග කර තිබේ.