පිළිස්සුම් තුවාල හේතුවෙන් රෝහල් ගත කර සිටින සම්මානනීය සිනමා නිළියක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරියකද වන ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සුව අතට හැරෙමින් සිටින බව ලංකා හොස්පිටල් හි වෛද්‍ය අධ්යක්ෂ ඩබ්ලිව් එම් එස් රත්නප්‍රිය මහතා පැවැසීය.
පිළිස්සුම් තුවාලවලට විෂබීජ යෑම වැලැක්වීමට මෙන්ම අමුත්තන් විශාල පිරිසක් පැමිණීම වැලැක්වීමටත් ඇය තව දුරටත් දැඩි සත්කාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර කරන බවත් හෙතෙම පැවසීය.
සුව අතට හැරෙමින් සිටින ඇයට තවත් දින කිහිපයක් රෝහලේ රැඳී සිටින්නට සිදුවනු ඇතැයි වෛද්‍ය රත්නප්‍රිය මහතා කියයි.
නාවල පිහිටි සිය නිවසේදී ගෑස් නලයක ගෑස් කාන්දුවක් නිසා උදුනක ඇතිවූ ගිනි කාන්දුවකින් දෑතෙහි සහ පාදයක ද පිළිස්සුම් තුවාල ලබා ඇති කුමාරසිංහ මහත්මියගේ හිස කෙස් ද එම අනතුරින් පිළිස්සී ගොස් තිබේ.
ප්‍රවීණ රංගන වේදීනි මාලිනී ෆොන්සේකා මහත්මිය පැවසුවේ සංගීතා වීරරත්න සහ ශෙරීන් කුමාරතුංග ගේ මූලිකත්වයෙන් ගීතා කුමාරසිංහ සහෝදර රංගන ශිල්පිණිය වෙනුවෙන් ඇයට ඉක්මන් සුවය පතා හෙට දින එනම් සැම්තැම්බර් මස 04 දින සවස 6.00ට බෙල්ලන්විල රජමහාවිහාරයේ දී බෝධිපූජාවක් පවත්වන්නට කටයුතු සංවිධානය කොට ඇති බවයි.
මේ සඳහා සිනමා රසික රසිකාවියන්ට මෙන්ම සහෝදර රංගන වේදීන්ට සහ වේදිනියන්ට එම අවස්ථාවට සහභාගී වනලෙස මාලිනී ෆොන්සේකා මහත්මිය ඉල්ලීමක් කර ඇත.
මුලාශ්‍ර මිරර් ආට්ස්