"වඩුක්කොඩෙයි සිට මුලතිව් දක්වා" - කෘතිය එළි දැක්වීම

නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් එස්.කේ.සෙන්තිවේල්  විසින් දමිළ බසින් රචිත "වඩුක්කොඩෙයි සිට මුලතිව් දක්වා" කෘතිය එළි දැක්වීම හෙට (3 වෙනිදා) යාපනයේ ට්‍රිමර් ශාලාවේදී සවස 4.00 ට පැවැත්වේ.

 දෙමළ ජාතික අරගලය හා එයට විවිධ කාලවලදී නායකත්වය දෙන ලද දෙමළ කොංග්‍රසය, දෙමළ ජාතික පක්ෂය, දෙමළ විමුක්ති පෙරමුණ හා දෙමළ ඊලාම් විමුක්ති කොටි, ආදී බලවේග විසින් එම අරගලය අන්ත ජාතිකවාදයට සීමා කර හැඩ ගැස්වූයේ කෙසේද යන්න "වඩුක්කොඩෙයි සිට මුලතිව් දක්වා" කෘතිය විචාරය කරයි.
 
ඒ පිළිබදව අදහස් දැක්වීම සදහා කථිකයින් ලෙස අහිලන් කදිරගාමර්, මයුරන් මුරලිදරන් හා එස්. කරුණාහරන් එදින සහභාගි වනු ඇත.