පොලිතීන් භාවිතය හා ඒ ආශ්‍රිතව භාණ්ඩ නිපදවීම සහ විකිණීම තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය අද (1දා) නිකුත් කර ඇත.
ඒ අනුව මයික්‍රෝන 20ට අඩු පොලිතින් භාවිතය හා විකිණීම තහනම් කෙරෙනු ඇත.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, සියලුම ආකාරයේ පොලිඑතිලින්, පොලිප්රොටපිලින්,පොලිඑතිලීන් නිෂ්පාදන හෝ පොලිප්රො, පිලින් නිෂ්පාදන දේශපාලන, සාමාජයීය, ආගමික, ජාතික, සංස්කෘතික හෝ වෙනත් යම් උත්සව අවස්ථාවලදී සැරසිලි සඳහා භාවිතා කිරීමද මේ ආකාරයෙන් තහනම් වේ.
වැඩි ඝනත්වයෙන් යුතු පොලිඑතිලීන් අමුද්‍රව්‍යයක් ලෙස යොදාගෙන බෑග් නිෂ්පාදනය, විකිණිම, නොමිලේ ලබාදීම, ප්‍රදර්ශනය කිරිම හෝ භාවිත කිරිම තහනම් කරමින් ජනපති අත්සනින් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එසේ ගැසට් නිවේදන මගින් අද සිට පොලිතින් භාවිතය තහනම් කළද ලබන ජනවාරි 1 වැනිදා තෙක් නීතියෙන් දඬුවම් නොකරන බවත් රජය දන්වා සිටී.