බීමත්ව හා මත්ද්‍රව්‍ය රැගෙන එන කිසිවෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 66 වැනි සංවත්සරය පැවැත්වෙන භූමියට ඇතුළත් කර නොගැනීමට එම පක්ෂය තීරණය කර තිබේ.
මේ නිසා බීමත්ව සිටිනා පුද්ගලයන් හෝ මත්ද්‍රව්‍ය රැගෙන එන කිසිවෙකු සංවත්සරයට කැඳවා ගෙන ඒමෙන් වළකින ලෙසට දිස්ත්‍රික් සහ ආසන සංවිධායකවරුන්ට පක්ෂය විසින් උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම, සාමාජිකයින් සමුළුව සදහා සහභාගී කරවීමේදී ලංගම බස් රථ භාවිතා නොකර හැකිතාක් පෞද්ගලික බස් රථ යොදා ගන්නා ලෙසද සංවිධායකවරුන්ට දන්වා තිබේ.
මහින්දටත් කිසිදු ආරාධනයක් ලැබී නැහැ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වන සංවත්සරය සදහා තමන්ට මෙතෙක් කිසිදු ආරාධනයක් ලැබී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවැසීය.
එපමණක් නොව ඔහු පෙන්වා දෙන්නේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බොහෝ දෙනෙකුට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්රසය සදහා ආරාධනා ලැබී නොමැති බවයි.
කෝට්ටේ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පල කළේය.