එල්. ටි. ටි.ඊ. සංවිධානයේ බුද්ධි අංශය නමින් ඊයේ (29) රාත්රියේ වව්නියාව නගරයේ පෝස්ටර බෙදා හැරීමක් සිදුකොට ඇති බව වව්නියාව ආරක්ෂක අංශ පවසනවා.
වව්නියාව ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ වව්නියාව කුරුමන්කාඩුව ප්රදේශයේ මාර්ගයක් ආසන්නයේ අදාළ දැන්වීම් පත්රිකා බෙදා හැරීම සිදුකොට ඇති බවයි.
දෙමළ විමුක්ති කොටි නමින් වන ශිර්ෂය යටතේ දැන්වීම් පත්රිකා බෙදා හැර ඇති අතර එල්.ටි.ටි.ඊ සංවිධානයේ බුද්ධි අංශ, දෙමළ කාන්තාවන් වැරදි සිදු කරන්නේද යන්න නිරීක්ෂණය කරමින් සිටින බව එහි සඳහන්ව තිබෙන බවයි පැවසෙන්නේ.
දෙමළ කාන්තාවන් සිංහල පුරුෂයන් සමග සම්බන්ධ නොවිය යුතු බවත්, සංවරව හැසිරිය යුතු බවත් එලෙස නොවන්නේ නම් එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවද එහි වැඩි දුරටත් සඳහන් කොට ඇති බව ආරක්ෂක අංශ පැවසුවා.
බුද්ධි අංශය දෙමළ විමුක්ති කොටි සංවිධානය යනුවෙන් පත් රිකාවේ අවසානයේ සඳහන් කොට ඇති බවද ආරක්ෂක අංශ පෙන්වා දෙනවා.
සොයාගත් පෝස්ටර් වව්නියාව පොලිසිය වෙත භාරදී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව ආරක්ෂක අංශ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.