උසස් පෙළ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න
පිට කළැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් කරනු ලැබ සිටින රසායන විද්‍යා ගුරුවරයා,සිසුවා සහ සිසුවාගේ වෛද්‍ය පියා ඇතුළු සැකකරුවන් පස් දෙනකු යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා අද නියෝග කර ඇත. ඒ ලබන 04 වැනි දා දක්වායි.
එම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ බව කියන මුද්‍රණාලයේ හිමිකරු රුපියල් 5000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැරීමට ද එහිදී නියෝග කෙරිණ.