සම්මුතිවාදී ජාතික ආණ්ඩුවේ ඉදිරි අට වසරේ දර්ශනය ලබන 04 වනදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව ඉදිරි 2025 වසර දක්වා මෙම නව සම්මුතිවාදි රජය ගෙන යන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ.
එම එකඟතාවය මඟින් රටේ සිඝ්‍ර සමාජ ආර්ථික දියුණුවක් ඇරඹෙන බවත් දෙස් විදෙස් අයෝජන සහිතව රට දියුණු කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව හෙතෙම අනාවරණ කළේය.
කෙසේ වෙතත් මේ වන විට රටේ සමාජ, ආර්ථික, යටිතල පහසුකම් දියුණු කිරීම් සිදු කරන බවත් පසුගිය කාලයේදී රටේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කිරීමත්, සහජිවනය ඇති කිරීම යනාදිය මුලික වශයෙන් සිදු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.