මේ මිය යන්නේ අභීමානවත් ශ්‍රී ලාංකික ජෛව විව්ධත්වයේ වටිනා සංකේතයන් වේ.
ශ්‍රී ලංකාව තුල සමස්ත වන ගහනයෙන් දිවියන්ගේ ගහනය ඉතාමත් අල්ප සංඛ්‍යාවකි.
සිදුවෙමින් යන මහා පරිමාන වන විනාශ හේතුවෙන් අදාල වනන්තරය තුල ඔවුන් එක ප්‍රදේශයකට කොටුවී සිටින බවක් පරිසරවේදින්ගේ මතයයි.
පාරිසරික අසංතුලතා වලින් බොහො විට මෙම සතුන් පිඩා විදි. මෙය එහි තවත් ඛේදවාචයක තොරතුරූ වේ.
දෙල්තොට ලුල්කදුර වතු යායේ මියගොස් සිටි දිවියා සම්බන්දයෙන් වනජීවී දෙපාර්තමේන්තුව හා පොලීසිය පරික්ෂණ කටයුතු සිදුකරන අතර එයට සම්බන්ද අය ගැන තොරතුරු දන්නේ නම් 1992 අංකයට දැනුම්දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටියි.
එසේම" කලාවැව ජාතික උද්‍යානයේ හා යාල ජාතික උද්‍යානයේ මුවන් මැරූ කණ්ඩායම් දෙකක් හා කැකිරාවේ දී මුවන් ඝාතනය කල 7 දෙනෙකු වනජීවි සංරක්ෂණ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගත් අතර පසුගිය දින කිහිපය පුරාවට ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේ ද සතුන් මැරූ පුද්ගලයන් අත් අඩංගුවට ගත් අතර විල්පත්තුව හා ඒ අවට වන රක්ෂිත තුල ජල මූලාශ්‍රය වලට වස දැමීම නිසා මියගිය සතුන් විශාල ප්‍රමාණයක් දැකගැනීමට හැකි විය.
ලංකාවේ ක්‍රියාත්මක වන වනජීවි අපරාධ මැඬලීම ඒ හා සම්බන්ධ රජයේ ආයතන වලට තනිව කල හැක්කක් නොවේ. ඒ සඳහා සිවිල් සමාජයේ සහය අත්‍යාවශ්‍යය.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥාපනත ආරක්ෂා කිරීම රටේ පුරවැසියන් ගේ වගකීම හා යුතුකම වේ.
වනජීවි අපරාධයක් දුටු සැණින් ,
1992 වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව
071 330 3000 වනජීවි අපරාධ මර්ධන ඒකකය වෙත දැනුම් දෙන්න.