ඊයේ (15) රෝහිත රාජපක්ෂ සමඟ පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාශයට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආරවුලක් ඇති කරගැනීමට
උත්සාහ දරමින් එහි නිලධාරියකුට බැණවැදී ඒ මොහොතේ එතැන සිටි සියළුම නිලධාරීන්ට තර්ජනය කර ඇතැයි වාර්තා වේ.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා අද රෝහිත රාජපක්ෂව FCIDය වෙත කැඳවා තිබුණු අතර ඔහු කිසිදු කලබලයකින් තොරව තම ප්‍රකාශය ලබා දෙමින් සිටියදී නාමල් මෙසේ අමුතුවෙන් ප්‍රශ්න ඇති කිරීම ඔවුන්ගේම හිතවතුන්ට පවා ගැටළුවක් වී තිබේ.
මීට පෙර FCIDය මඟින් තමන් ප්‍රශ්න කිරීමට ලක් කෙරුණු අවස්ථාවක දී තමන්ට බලපෑම් කළැයි චෝදනා කරමින් ලලිත් ශාන්ත නම් උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව නාමල් රාජපක්ෂ විසින් නඩුවක් පවරා තිබේ.
අද එකී ලලිත් ශාන්ත FCIDයේදී නාමල්ට මුණගැසී ඇති අතර නාමල් ඒ අවස්ථාවේදී ඔහුට දිගින් දිගටම බැණ වැදී ඇත.
නඩුවකුත් පවතින අවස්ථාවකදී එම ගැටළුව අධිකරණය හමුවේ බේරාගත යුතුව තිබියදී නීතීඥයකුද වන නාමල් වියරුවෙන් මෙන් හැසිරී ඇති අතර සිය පැරණි රාජ ඌෂ්ණය පෙන්වමින් "අපි ආවට පස්සේ බලාගමු. අපි තව මාස කීපෙකින් ආයෙ එනවා. එදාට උඹලා එකෙක්වත් තියන්නේ නෑ" යනුවෙන් තර්ජනය කර ඇත.