සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.
අද (04) පෙරවරුවේ කථානායකවරයා විසින් මෙම තීරණය දැනුම්දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත සම්මත කළ යුතු නම් විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බවත්, එසේ නැති නම් එම වගන්ති සංශෝධනය කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශයවී ඇති බව කථානායක කරූ ජයසූරිය මහතා විසින් පෙන්වාදී තිබේ.
නව දේශීය ආදායම් පනත් කෙටුම්පතේ 97, 98, සී (1) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි ව්‍යවස්ථාවට අනනුකූල බවත්, 167 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 84(2)වන ව්‍යවස්ථාව හා අනනුකූල බවත්, එම නිසා එම වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කිරීම හෝ හෝ ඉවත්කිරීම සිදුකළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම්දී ඇත.
එසේම පනත් කෙටුම්පතේ 200 වැනි වගන්තිය ආ.ව්‍යවස්ථාවේ 3 හා 4 වැනි ව්‍යවස්ථාවන් හා අනනුකූල වන බවත්, එය ආ.ව්‍යවස්ථාවේ 84(2) වන ව්‍යවස්ථා විධිවිධානප්රකාරව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් හා 84 වැනි ව්යවස්ථානුප්රකාරව ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කථානායකවරයා පවසා තිබේ.