ජනතාවට පීඩාවන පරිදි විරෝධය එපා - අධිකරණයෙන් නියෝගයක්

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.


එසේම වාහන ගමනාගමනයට හා පොදු මහජනතාවට හිරිහැර නොවන ලෙස කටයුතු කරන්නැයි අධිකරණය විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමන අද දිනයේ කොළඹ නගරයට පැමිණීමට නියමිතව ඇති බැවින් එයින් මහජනතාවට සිදුවිය හැකි පීඩා සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබේ.


එම කරුණු දැක්වීම කෙරෙහි අවධානය යොමුකිරීමෙන් පසුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

සංශෝධිත දේශීය ආදායම් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දන්වා ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.